මේ ලිපිය, මගේ කලින් ලිපිය වන "කන්‍යාවියන් සොයාගිය අසම්පූර්ණ චාරිකාව" ගැන කියවෙන ඉතුරු ටික. ඇත්තටම කිව්වොත් මේ ලිපිය ලියන්න හිතල නම් ගොඩක් කල්. ඒත් එක පාරටම වැඩ වැඩි උනා. මොනා උනත් දවසේ අත්‍යවශ්‍ය අංගයක් වෙන චිත්‍රපටි බැලීම ආදිය අතපසු කරන්න බැරි නිසා මේවගේ වැඩ ටිකක් පහුඋනා. සොරි හොදේ... ;-)
මං කලින් ලිපිය නැවැත්තුවේ හතරේ කණුව ළඟින් බැහැල. අද එතන ඉදන් කන්දෙ අපි ගියපු දුරට එනකම් යමු. හැබැයි අන්තිම ටිකේ පින්තූර නම් නෑ. මොකද දිය ඇල්ලක් දිගේ අපේ ගමනෙ අන්තිම කොටස යෙදිල තිබුන නිසා මගේ බහු කාර්‍යය දුරකතනය වතුරෙ වැටෙන් නැතිවිදියට පොලිතින් උරයක දාගෙන තමයි ගියේ. :-)
හතරේ කණුවෙන් බැහැලා තියෙන අතුරු පාරෙ දිගටම යන්න තමා තියෙන්නෙ. එතන බස් රථය ගමන් කර පාරට අමතරව එකම එක අමතර පාරයි තියෙන්නෙ. ඒ නිසා පැටලෙන එකක් නෑ. ඒ පාර දිගේ යනකොට මුල්ම හඳුනාගැනීමේ සළකුන වන පාලම හම්බවේවි. ඒකෙ පින්තූරයක් ඔන්න මං එකතුකරා.
ඔය පාලම පහුකරපු ගමන් පාරවල් දෙකක් තියෙනවා. එකක් දකුණට. ඒකෙ ගියපුවම කඳු තුනක් නගින්න පුළුවන්ලු. හැබැයි අපි ගියේ අනිත් පාරේ. කියන විදියට මේ පාරේ ගිහින් කඳු දෙකක් නගින්න පුළුවන්ලු. කොහොම හරි අපේ ඊළඟ සළකුණ තමයි නෙල්නා කුකුළු ගොවි පොළ. මෙතනට යන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි යන කොට ගියේ කෙටි පාරකින්. ඒ කියන්නෙ තේ වතු මැද්දෙන්. ඒ පාර විස්තර කරන්න අමාරු නිසා අපි එනකොට ආපු පාර ගැන කියන්නම්. ඇත්තටම ඒක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. හැරුන තාර පාර දිගේ කෙළින්ම ගියාම වම් අත පැත්තෙන් ගොවි පොළ පෙනේවි. පහළ තියෙන්නෙ ඒ ගොවි පොළ දුරට පේන හැටි.
කෙටි පාරෙන් යනවනම් කන්කානම් කෙනෙක්ගෙ නවාතැනක් වගේ එකක් පහු කරගෙන යන්න වෙනවා. ඔය ගොල්ලො කලින් ගියපු අය නෙමෙයි නම් ඒ ප්‍රදේශය ගැන කිසිම වැටහීමක් නැත්නම් සහ දමිළ භාෂාව කතා කරගන්නත් අමාරුනම් හොඳම දේ තමයි කෙටි පාර මග හරින එක. ඊට වැඩිය මං ඒ ගැන කියන්න යන්නෑ ;-)
නෙල්නා ගොවි පොළ ලඟින් පාර වල් තුන තියෙනවා. එකක් ගොවි පොළට යනපාර. ඒත් එක්කම තියෙන බොරළු පාර තමා කන්ද පැත්තට යන්න තියෙන්නෙ. තව පාරක් තියෙනවා ආයි පිටි පස්සට යන්න. හැබැයි ඒක කොහෙට යනවද කියල දන්නෑ. කොහොමත් ඒ පාරට ගේට්ටුවක් දාල තියෙන්නෙ. කොහොම හරි අදාල බොරළු පාරෙ දිගටම ගියාම බංගලාවක් හම්බවෙනවා. ඔන්න ඒකෙ පින්තූරෙකුත් එකතුකරා.
ඔය ගොල්ලන්ට පින්තූරෙ බැලුවම පේනවා ඇති බංගලාවෙ ගේට්ටුවට දකුණු පැත්තෙන් තව ගල් කනුවක් තියෙනවා. ඇත්තටම එතන ගල් කණු දෙකක් තියෙනවා. මගේ කැමරා කාචයට අහුවෙලා තියෙන්නෙ එකයි. ඔන්න ඔයපාරේ තමයි යන්න තියෙන්නෙ. ඔය පාර කියන්නෙ ඇත්තටම වතු වලට ජලය පරිවහනය කරන්න අඟලක් ආකාරයට හදපු මිනිස් නිර්මාණයක්. ඕක දිගේ යනකොට දකුණු අත පැත්තෙ ලස්සන බුදු ගෙයක් හම්බ වෙනවා. ඒ බුදුගේ මගෙ කැමරාවෙ සටහන් වෙලා තිබ්බෙ මෙන්නෙ මේ විදියට.
ඒකත පහු කරගෙන දිගටම යනකොට ආයිමත් දකුණු අත පැත්තෙම හම්බ වෙනවා පොඩි දේවාලයක්. ඒකෙ පින්තූරෙකුත් මං එකතු කරා.
මම හිතන්නෙ අපිට එතන ඉදන් තමා පාර වැරදුනේ. හැබැයි අපිව දැනුවත් කරල තිබ්බෙ අපි ඇපු ඇල දිගේම යන්න කියල. ඒ නිසා අපි ඇල දිගේම ගියා. පහල පින්තූරෙ තියන ඇල දිගේ උඩට යන්න කියල අපි අන්තිමට තීරනය කරා. ඔතනින් පස්සෙ නම් පින්තූර මුකුත්නෑ. අපි ගියා... ගියා... ගියා... අන්තිමට පොඩි දිය ඇල්ලක් හම්බ උනා. හැබැයි එතන්ට එනකන් ආවෙත් ලේසි පහසු පාරක නම් නෙමේ. කොහොමහරි දිය ඇල්ල නගින්න ටිකක් අමාරු වගේ දැනුනා. මේ තැනට ජංගම දුරකතන සංඥා නෑ. මොබිටෙල්, ඩයලොග්, එයාටෙල් මුකුත්ම නෑ. මිනිස් පුලුටක් නෑ. මෙතන ඉදන් කැළේ පාරකින් යන්න තීරණය කරත් කැළේට ඇතුලු උනගමන් තේරුනා කිසිම අඩි පාරක් නෑ කියල. අපි නවතින විදියට බඩු ගෙනාවෙවත් කෑම ගෙනාවෙවත් නැති නිසා ගමන එතනින් ඉවර කරන්න උනා.
වැඩේනම් දුකයි තමයි. මොනා කරන්නද? දැන දන්නවා අඩුම ගානෙ ඒ වගේ ගමනක් යන්නෙ කොහොමද, මොනාද ගෙනියන්න ඕන කියලවත්. ඔන්න ඔහොමයි අපි කන්‍යාවියන් ළඟටම ගිහින් හැරිලා ආවේ. කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ වගේ සුන්දර පරිසරයක් ගැන අපිව දැනුවත් කරපු දිනුක තිලංග සොයුරාට අපේ හද පිරි ස්තුතිය. නැවත තවත් කොහේ හරි චාරිකාවකින් හමුවෙමු. ලංකාව කියන්නෙ ලස්සන රටක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ලියන්න දේවලුත් ගොඩක් තියේවි. :-)
වැඩිපුර පින්තූර බලන්න, යන්න මගේ මුහුණු පොතට.