Sunday, March 21, 2010

රැකියා පුහුණුව සහ විශ්ව විද්‍යාල අවසන් කඩඉම...

දෙවසරකුත් අඩකුත් ගතවීය
සරසවි බිමේ කල් ගෙව්වත් වැඩිය
යාමට හිතක් තිබුනත් මේකෙන් එලිය
ගත්තෙ නැත්තෙ ඇයිදෝ මා කොම්පැණිය

G.P.A. එක ඇත තරමක් ගොඩවෙන්න
project නුත් කරලා ඇත හත අට නැතිවෙන්න
මැව්වේ සිහින system admin කෙනෙකුන් වෙන්න
උගනෙමි CCNA ත් එයටම හරියන්න

කඩ්ඩ ටිකක් මදි බව නම් වැටහුනෙමි
පළමු දෙවැනි interview වල බය හිතුණි
තිබුණු බලාපොරොත්තුත් සියල්ල කුඩු උනෙමි
luck එක ගිහින් ඇයිදෝ මා හැරගොසිණි

කනපිට පෙරලි ඇත මාගේ මුළු දිවිය
ලහිපිට තුලින් ඉල්ලුම් කර බැලුමට සිතය
එකපිට එක කරදර මට වෙඩිවැනිය
රැකියා නොමැතිවිට ලියවෙන කවි මේ වැනිය