Tuesday, October 19, 2010

♣ අලියා නූතනයේ ප්‍රයෝජනවත් සත්වයෙක්ද?

     ඔන්න මං ආයිත් ආවා "අලි" කථාවක් අරගෙන. අද මගේ මාතෘකාවට පාදක වෙන්නේ ප්‍රශ්නයක්. ඒකට මම මගේ උත්තරේ අන්තිමට දෙනකන් මට අහන්න දකින්න ලැබුනු දේවල් ටිකක් සම්බන්ඳව මුලින් කියල ඉන්නම්. ඇත්තටම ඉස්සර කාලෙ අපි අලින්ගෙන් ගත්ත ප්‍රයෝජන මොනවද? ලී කොටන් අදින්න වගේ ලොකු බර දේවල් අදින්න, ගමන් බිමන් යන්න, යුධ කටයුතු වලට, පෙර හැරවල් වලට ආදී නොයෙක් දේවල් වලට අපි අලින්ව ප්‍රයෝජනයට ගත්තා. ඒත් අදනම් අලියා තාප්පයේ පෝස්ටරයකට සීමාවුනු සතෙක් වෙලා.

     දැන් අපි බලමු ඇයි එහෙම වුනේ කියලා. අපිට දැන් බර දේවල් අදින්න වෙන පහසු සහ කාර්‍යක්ෂම යන්ත්‍ර උපකරණ තියෙනවා. ඔය ගොල්ලො දන්නවද දන්නෑ, අලියට දිනකට කිලෝ 150ක් විතර කන්න ඕනලු ඒවගේම තමයි බොන්න වතුරත්. යන්ත්‍ර නඩත්තු කරනව වගේම වැඩ ගන්න සත්තුන්වත් නඩත්තු කරන්න ඕන. යන්ත්‍රයක් නම් වැඩ නැති කාලෙකට ඔහේ පැත්තකට දාල තියන්න පුළුවන්. හැබැයි අලියෙකුට එහෙම කරන්න බෑ. වැඩ කරත් නැතත් ඌට කන්න දෙන්න ඕන.

     ඊළඟ දේ තමයි ඇයි අලින්ව ගමන් බිමන් සඳහා යොදා ගන්න බැරි. ගතවන කාලය වැඩිවීම තමයි ලොකුම ගැටළුව. මොකද කිව්වොත් දැන් මිනිස්සුත් යන්ත්‍ර වගේ. කාලයට වඩා ඉක්මනින් දුවන්න හදන්නෙ. ඊට අමතරව හොයාගෙන තියෙනවා අලින්ව වැඩිය ඇවිද්දවන්න හොඳ නෑ කියලා. උන්ට කකුල් වල ආබාධයක් ඇතිවෙනවලු. ඒකනෙ දැන් පෙරහැරවල් වලට දුර පළාත් වලින් අලි ගෙන්නන කොට උන්ව වෙන වාහනයක ප්‍රවාහනය කරන්නෙ. ඒ නිසා එතනත් පොඩි කොස්සක් :(

     දැන් කාලෙ අලින්ට මොන යුද්ධද? එකක් තමා දැන් අපේ රටේ යුද්ධයක් නෑ. තිබ්බත් අලින්ව ප්‍රයෝජනයට ගන්න බෑ. ඔටුනු පලන් රජවරුන්ගෙ කාලවලදි ගජ නායක නිළමෙලා ප්‍රායෝගික උනාට නූතන පාර්ලිමේන්තු රජවරුන්ට ඒවා හරියන් නෑ. හැබැයි එහෙම තිබ්බනම් යුධ අවි ආයුධ වලට අලි වෙඩි, හක්ක පටස් ආදී නමුත් එකතු වෙයි. :D

     එහෙම බලාගෙන යන කොට පෙරහැර වලට තමයි අලින්ගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය තියෙන්නේ. ඊට අමතරව සත්තු වත්තෙ කූඩු කරල තියන්න පුළුවන්, ගහ කොළ තියෙන කැළේකට යන්න වෙලාවක් නැතුව කොන්ක්‍රීට් කැළයවල් වල අතරමං වෙලා ඉන්න අපේ සමහර උදවියට පෙන්නන්න. හැබැයි එහෙම ලබන සතුටෙ අවසානය කොතැනකද කියන එක තමා ප්‍රශ්නේ. මොකද දන්නවද මම එහෙම කිව්වේ? චීනයේ දැන් නිපදවලා තියෙනවා කෘතීම බෝනික්කෙක්. ඇත්තටම ඒක රොබෝවකින් වෙනස් වෙන්නෙ අපිට අවශ්‍ය විදියෙට වැඩ කරල දෙන්නැති නිසා. ඒ බෝනික්කගෙ මූලික අරමුණ මිනිසාට සරාගී වින්දනයක් ලබා දෙන්න. ඒ කියන්නෙ ඒ බෝනික්කගෙ එක එක තැන ස්පර්ශ කරාම එක එක විදියෙ මනුෂ්‍ය ශබ්ද නිකුත් කරනවා. ඒ ගැන වැඩි දුර ඕනනම් අන්තර්ජාලයෙන් හොයා ගන්න. මම මේ කියන්න හැදුවේ අපේ රස වින්දනය ඒ තරම් පහල මට්ටමකට වැටෙන්න හොඳ නෑ කියන එකයි. ස්වභාවධර්මයෙන් ලබන සතුට තරම් වෙන සතුටක් නම් ඉතින් හිතා ගන්න අමාරුයි. තාක්ෂණික නිර්මාණයක් වශයෙන් ඒ බෝනික්කට ඉහළ තැනක් දෙන්න පුළුවන් වුනත් මටනම් හිතෙන්නෑ ඒක හොඳ සෞන්දර්‍යාත්මක නිර්මාණයක් කියල.

     ආයිත් අපේ මාතෘකාවට එමුකෝ. මටත් කියන්න දෙයක් හම්බ උනාම අදාළද නැද්ද කියල හොයල බලන්නෑ ඔහේ කියල දානවා. මොකද මං හිතන්නේ අදහස් කියන දේවල් ඔහේ ගලාගෙන එන්න ඕන කියලා. හරි එහෙනම් ඔය ගොල්ලන්ට හිතෙන අදහස් මොනාද අලියගෙන් කර ගන්න පුලුවන් වැඩ හැටියට? මම කියන්නම් මම අහල තියෙන තව දෙයක්. අලින්ගෙ අසූචිවල ( තේරෙන සිංහලෙන් කිව්වොත් අලි බෙටිවල ) තියෙන කෙඳි ප්‍රමාණය බහුලයිලු. ඇයි එහෙනම් අපේ කෙඳි ආශ්‍රිත නිශ්පාදන වලට ඒවා යොදා ගන්න බැරි.

     ඊට අමතරව සංචාරකයි වනාන්තර තුල ඇවිද්ද වීමට අලින්ව යොදා ගන්න බැරි ඇයි? ඒක ඉන්දියාවෙනම් සිද්දවෙන දෙයක්. කිසිම අපහසුවක් නැතුව පස් හය දෙනෙකුට අලියා පිට උඩ යන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ නියමාකාරයෙන් සැකසූ අසුන් කිහිපයක් විතරයි. වනාන්තරයෙ සුන්දරත්වය බලන්න එන අයට ගාලු පාරේ තමන්ගෙ වාහනය පදවාගෙන යනතරම් හදිස්සියක් නැති නිසා ඒක නම් හොඳ උපායක් කියලයි මම නම් හොතන්නෙ. අලියට කෑම කැළෙන්ම හොයාගන්න පුළුවන්, ඕන කරන එකම දෙය අලියව හීලෑ කර ගැනීම විතරයි.


     අපේ රටේ මිනිස්සු කියන්නේ ලංකාවෙ අලි ජනගහනය දැන් වැඩිවෙලාලු. වර්ථමානයේ ලංකාව තුල අලින් 6000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඇත්තටම වෙලාතියෙන්නෙ නම්, මිනිස්සු අලින්ගෙ වාසස්ථාන තමන්ගෙ කරගන්න යෑමක්. ලිපිය දිග වැඩිවෙන නිසා ඔය ගොල්ලන්ට නිර්මාණාමකව හිතන්න යමක් දීලා මම නවතින්නම්. පහළ පින්තූරයේ තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ වැඩිවන කැන්ගරු ජනගහනය සඳහා ගත්ත පිළියමක්.


     හොදට බලලා ඔයගොල්ලන්ට ඒක ගැන හිතෙන දේ සහ ලංකාවෙ අලින්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් එහෙම තියෙනවනම් මේ ලිපියට පිළිතුරක් ලෙස ලියල යන්න. ඔය ගොල්ලන්ට ගොඩක් පිං. ඔය ගොල්ලන්ගෙ අදහසක් සමහරවිට අනාගතයෙ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් වෙන්න බැරි නෑ. ආ... මට මගේ උත්තරේ කියන්න බැරි උනානෙ. මොන කෙංගෙඩිය උනත් මමනම් හිත්න්නෙ අලියා කියන්නෙ අනිවා ප්‍රයෝජනවත් සත්වයෙක්. සමහරවිට ඒ මිනිසාට උදවුකරන්න නෙමේ වෙන්න පුළුවන්, ඒත්... මටනම් ඌ අපිත් එක්කම ජීවත් වියයුතු සතෙක්. එච්චරයි. එහෙනම් මම ගිහින් එන්නම්. :)

6 comments:

Pahan said...

මචං මේ පොස්ට් එකෙන් අලින්ගෙන් අපිට ප්‍රයෝජනයක් නැත්තං උන් මැරිලා, මේ ලෝකෙන් වඳවෙලා ගියාට කමක් නෑ වගේ හැඟීමක් දෙනවා කියලා හිතෙනවා.
ඒත් එහෙම කරන්න මිනිස්සු(සත්තු) විදියට අපිට අයිතියක් නැහැනේද?

තවමත් වාහන යන්න අමාරු ප්‍රදේශවල බර අදින්න අලි යොදාගන්නවා.

AnujAroshA said...

නෑ පහන්, මම ලියපු අන්තිම ඡේදෙන් පැහැදිලිව කියල තියෙනවා මගේ මතයත් අලියා අපිත් එක්කම ජීවත් වියයුතු සත්වයෙක් කියලා. මම කියන්න උත්සහ කළේ අලින්ගෙන් අපි ඉස්සර ගත්ත රාජකාරිවලට නූත්නයේ ආදේශක බිහිවෙලා තියෙනවා කියලා සහ ඒ අනුව අපිට රාමුවෙන් පිටත හිතන්න (out of the box) වෙනවා කියලා. කාට හරි පුළුවන් නම් අපිට අලින්ගෙන් කර ගතහැකි නිර්මාණාත්මක නව අදහසක් දෙන්න, අන්න එතකොට මම මේ ලිපිය ලියපු එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. :)

ප්‍රාර්ථනා said...

මටනම් හිතෙන්නේ අලින් දැන් ඉන්න විදිය හොඳයි කියලා...නිදහසේ ඉන්න එයාලටත් අයිතියක් තියනවා කියලා..එයාලා ඉපදිලා තියෙන්නේ අපිට වැඩ කරලා දෙන්නම නෙමේ කියලා.වල් අලි දිහා බලාගෙන හිටියත් ඇති..මට නම්...!කැන්ගරු නම් හරිම පවු...!!ඒත් වෙන විකල්පයක්ම තියෙන්න නැතිව ඇති.. මිනිස්සු වුන අපි හිතන්නේ මුළු ලෝකෙම අපේ කියලා..ඒත් දැන් අපිත් නෂ්ඨවෙලා යන්න කල් හරි...
ඔයා ඇයි අලි ගැන ඔච්චර සැලකිලිමත්..? දැන් අලි ගණත්වය නම් ගොඩක් වැඩිවෙලා තමයි..

AnujAroshA said...

ප්‍රාර්ථනා: ඔව්, අපි හැමෝම කැමති ඒ වගේ සුන්දර සත්තු නිදහසේ සැරිසරනවා දකින්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ඳව කටයුතු කරන බලදාරීන්ගෙ මතයනම් ඊට හාත්පසින්ම වෙනස්. අපි රජයේ ආයතනයකටත් ගිහින් මේ පිළිබඳ සාකච්චා කරා. ඒ ගොල්ලන්ගෙ අදහස් කෙටියෙන් කියනවනම්,
* "දැන් ලංකාවේ ඉන්න අලි ගහනය වැඩියි. උන් කැළේ සීමාවෙන් පිටට එනවනම්, මිනිස්සුන්ට හානි කරනවනම්, උන්ව මෙල්ල කරන්න බැරිනම් කරන්න තියෙන්නෙ කරන්න අකමැතිම දේ" *
මටත් ඕන කරන්නෙ අලි මරන්නැතුව තියෙන වෙන විකල්පයකට යන්න. එතනදි මම අලියෙක් නම් මට හිතේවි මැරෙනවට වඩා මිනිසුන්ට වැඩක් කරල දීලා පාඩුවේ ඉන්න එක හොඳයි කියලා :)

ප්‍රාර්ථනා said...

අයියෝ..!!එයාලව මරණ්නද යන්නේ... ඉස්සෙල්ලාම පරිසර සමතුලිතතාව නැති කරන්නෙත් එයාලා..ඒකනේ අලි ගණත්වය වැඩි වුණේ.. දැන් අඩු කරනවා... මට නම් තේරෙන්නෑ ඇයි මිනිස්සු මේ ගැන හදාරන්නෙ නැත්තෙ කියලා..නිසි දැනුම තියන අය ගොගක් අඩුයි..

ශාකුන්තල | Shaakunthala said...

අලියා කියන්නෙ අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවයට වැදගත් සතෙක්. ජෛවවිවධත්වයයි පරිසරයේ තුල්‍යතාවයයි පොඩ්ඩකට අතහැරියොත් අලියා අපට වැදගත් වෙන්නෙ ඒ නිසා.

අලියා තරාතිරමෙත්, බලයෙත්, ධනයෙත් සංකේතයක් නෙමෙයිද?