මං මේක ලියන්න ගත්තෙ පොඩි බාගත කිරීමක් ඉවර වෙනකම් කරන්න දෙයක් නැති නිසා. ඇත්තටම මේ ලිපිය ලියනව කියල හිතුවෙ ඊයෙ රෑ. විශේෂත්වය තමයි කාලෙකට පස්සෙ සිරා චිත්රපටියක් බලන්න ලැබුනා. මේ ඒක ගැන පොඩි සටහනක්. මං මෙහෙම කියන්නම්කෝ. මුලු චිත්රපටියටම ඉන්නෙ නළුවො හයයි නිළියො හතරයි. මුලු ච්ත්රපටියම රූගත කරල තියෙන්නෙ එකම එක කාමරයක් ඇතුලෙ. කාමරයක් කිව්වට මේක ටිකක් අමුතු විදියෙ විභාග ශාලාවක්.
ආ... අමතක උනානෙ කියන්න. මේක ඉංග්රීසි චිත්රපටියක්, නම තමයි "EXAM". ඇත්තටම මේකෙ තියෙන්නෙ කට්ටියක් පරීක්ෂණයකට මුහුන දෙන විදියක් ගැන. මම දැනට කියපු විස්තර ටික අනුව ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? මහ කම්මැලි චිත්රපටියක් කියලද? ඇත්තටම කිව්වොත් මට මතක නෑ මේක අතර තුර මම වෙන මොනදෙයක් ගැනහරි හිත යොදවපු වෙලාවක්. ඒතරම් මේක මාර කුතුහලයක් දෙන චිත්රපටියක්.
මේකෙ කථාව චුට්ටිත්තක් විතර කිව්වොත්... කට්ටියක් එක ආයතනයකට එකතුවෙන්න පරීක්ෂන කිහිපයකට ඉන්නවා. මේක තමයි අන්තිම පරීක්ෂනය. තරඟ කරුවන් අටයි. අටයි කිව්වට අටක්ම නෑ. ඒක ඔයගොල්ලො බලපුවම තේරේවි. ප්රශන පත්තරේටම තියෙන්නෙ එක කොළයයි. ඒකෙත් මුල් පිටුවෙ අදාල අපේක්ෂකයගෙ අංකය. තියෙන්නෙ එක ප්රශ්නයයි ලු. ඒක තියෙන්නෙ අනික් පැත්තෙ කියල තමා කට්ටිය හිතන්නෙ. ඇත්තටම අනික් පැත්තෙ ප්රශ්නයක් තිබ්බද? තියෙන්න පුළුවන් එකම එක උත්තරයයි. ඒ උත්තරය මොකක්ද? අන්තිමට තෝරගන්නෙ එක්කෙනයි. කවුරු හරි උත්තරය හොයා ගනීවිද? මොනාටත් තියෙන්නෙ විනාඩි 80ක් විතරයි. ඒ කියන්නෙ පැය 1 විනාඩි 20යි. මුලු චිත්රපටියම දිග ඇරෙන්නෙත් පැය 1 විනාඩි 30කට ආසන්න කාලයක්.
මේකෙ තියෙන විශේෂත්ව විදියට මම නම් දකින්නෙ, අඩු සම්පත් ප්රමාණයකින් මේතරම් හොඳ චිත්රපටියක් නිපද වීමයි. ඊට අමතරව මේ ඉන්නෙ අපිමද කියල හිතෙන වෙලාවලුත් නැතුවම නෙමේ. මගේ බාගත කිරීම ඉවරවෙලත් ටිකක් වෙලා. ඒනිසා මේ හොඳටම ඇති. මම ගිහින් එන්නම්. එතකන් ඔයගොල්ලො චිත්රපටිය හොයාගෙන බලන්න :)
3 comments:
මම මේක බලලා නැහැ. හැබැයි අඩු සම්පත් ප්රමාණයකින් හදපු හොඳ චිත්රපටියක් තමයි The Man From Earth. හොඳම චිත්රපටි ලිස්ට් එකකත් මම ඒක දැක්කා. පුලුවන් නම් බාගෙන බලන්න.
මේ word verification එකත් පුලුවන් නම් අයින් කරන්න.
බොහොම ස්තුතියි මචං. ලිපිලියන්න තවම ආගන්තුකයිනේ, ඒ නිසා අඩුපාඩු ගොඩයි ;) ඔන්න මං word vrification එක අයින් කරා. හරි ඇති මයෙ හිතේ...
හොයන් බලන්න ඕනේ.............. ස්තුතියි ඔත්තුවට
Post a Comment